විශේෂ නිවේදනයයි - කුවේට් ශ්‍රී ලාංකික ඔටබ තානාපති කාර්යාලයෙන් තවත් වැදගත් පණිවිඩයක්


විශේෂ නිවේදනයයි
කුවේට් රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය පිළිබඳව තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇත.
ඔබත් දන්නා පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුව කොරොනා වෛරසය රට තුළ මර්ධනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තත්ත්වය පාලනය කර ගැනී‍මට තවදුරටත් කාලය අවශ්‍ය බැවින් රට තුළට ගුවන් ගමන් ආරම්භ කිරීමට තවමත් අවකාශ නොමැත.
එබැවින් පොදු සමාව යටතේ සියරට යැවීම සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් 2020 අප්‍රියෙල් මස 01 දින සිට ක්‍රියාත්මක නොවන අතර, තත්ත්වය යහපත් වූ වහාම ඒ බව සමාජ මාධ්‍ය ජාල හරහා ඔබ වෙත දැන්වීමට කටයුතු කරන බව දන්වා සිටිමු.
තවද,පොදු සමා කාලය සම්බන්ධව විමසීම් කිරීම සඳහා තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින අතර, ඔබගේ ආරක්ෂාව පිණිස රැඳී සිටින ස්ථානවලම සුරක්ෂිතව සිටින ලෙස උපදෙස් දෙමු.
අවශ්‍ය වුවහොත් පහත දුරකථන අංක සහ ඊමේල් ඔස්සේ තානාපති කාර්යාලය අමතන්න.
දුරකථන අංක - 25354611/33/38/
65000118 / 65091150 / 97507875 /
ඊමේල් - slemb.kuwait@mfa.gov.lk
ෆේස්බුක් පිටුව - Sri Lanka Embassy in Kuwait

Post a Comment

0 Comments