සුනිල් රත්නායක නිදහස් කළ බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියයි (වීඩියෝ)


එල්, ටී, ටී, ඊ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමේදී විශිෂ්ට සේවාවක් කළ රණවිරුවකු වන, මරණ දඬුවම නියම වී සිටි ,දිගු දුර විහිදුම් බලකායේ සුනිල් රත්නායක නිදහස් කර ඇති බව සිංහලේ සංවිධානයේ  මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් නිකුත් කරමින් පවසනවා.

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබුනේ පසුගිය ආණ්ඩු සමයේදීයි. යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි මිට පෙරද විවිධ වාර්තා පළ වුනා.


ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය ෆේස් බුක් ගිණුමට එක්කර තිබු වීඩියෝව පහතින්.

Post a Comment

0 Comments