වලංගු වීසා බලපත් නොමැති පුද්ගලයන් සඳහා කුවේට් රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති
පොදුසමා කාලය සම්බන්ධයෙන් පහත සඳහන් රිතී අදාළ වේ.
රිතී අංක - 1
කුවේට් රජය මගින් රටින් පිටවීමේ නියෝග පනවා නොමැති වලංගු වීසා බලපත් නොමැති හෝ කල් ඉකුත්වූ වීසා බලපත් සහිත සියලුම විදේශිකයින්ට 2020.04.01 සිට 2020.04.30 දක්වා වූ කාලසීමාව තුළදී රටින් පිටවීමට අවසර දී ඇත.

රීති අංක - 2
මෙරටෙහි රැදී සිටීමට කැමැති අංක 20 වීසා වර්ගය අයත් ගෘහ සේවක සහ 2020.03.01 දිනට වලංගු වීසා නොමැති විදේශිකයන්ට අදාළ දඩය ගෙවා තවදුරටත් කුවේට් රටෙහි රැදී සිටීමට වීසා අයදුම් කල හැක.

රිතී අංක - 3
ඉහත ප්‍රකාශ කර ඇති කාලසීමාව තුළ හසුවන්නන් වහාම පිටුවහල් කිරීමට කටයුතු කරනු ඇති අතර, ඔවුන් පොදු සමාකාලය තුළ පිටවූවන් සේ නොසලකා කටයුතු කරනු ඇත.

රිතී අංක - 4
පොදු සමාකාලය තුළ පිටත් වන්නන්ගේ තත්වයන් නියාමනය කිරීම සඳහා නේවාසික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරනු ඇත.

රිතී අංක - 5
වීසා බලපත් රහිතව මෙම කාලය තුල රටින් පිටවන අය අමිරි නියෝග 1959/17 ප්‍රකාරව නිතීමය ක්‍රියාමාර්ග වලින් නිදහස් වේ.
පොදු සමා කාලය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රටට ඇතුල් වන අය සඳහා මෙය වලංගු නොවේ.

රිතී අංක - 6
පොදු සමාකාලය තුළදී රට හැර යන අයට වෙනත් කිසිඳු නීතිමය ගැටළුවක් නොමැති නම් නීත්‍යානුකූල ලෙස නැවතත් කුවේට් රටට පැමිණිය හැක.

රිතී අංක - 7
මෙම කාලය තුළ රටින් පිට නොවී තවදුරටත් වලංගු වීසා නොමැතිව මෙහි රැදී සිටින පුද්ගලයන් සඳහා නිතී ප්‍රකාරව කටයුතු කරන අතර, නැවතත් කුවේට් රටට ඇතුළු වීමට නොහැකි ලෙස රටින් පිටුවහල් කරනු ඇත.

0 Comments