කුවේට් රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් කොරොනා රෝගය වැළැක්වීම සඳහා පහත සඳහන් අමතර ක්‍රියා මාර්ග අනුමත කරන ලදී.
1. රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 2020/03/22 සිට සෑම දිනකම ප.ව. 05.00 සිට පෙ.ව. 04.00 දක්වා ඇදිරි නීතිය පැනවීම.
2. නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ නිවාඩු කාලය 2020 අප්‍රියෙල් මස 12 වන දින දක්වා දීර්ඝ කිරීම.
3. අන්තර් ජාලය ඔස්සේ පමණක් ගනුදෙනු කිරීමේ පහසුකම් සහිතව සියලුම ප්‍රදර්ශනාගාර, සාප්පු සහ මධ්‍යම වෙළඳ පොලවල් ඍජු ගණුදෙනුකරුවන් සඳහා වසා දැමීම.
4. ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට හැකිවන සේ එම ද්‍රව්‍ය අඩංගු වෙළඳ සැලවල් පමණක් විවෘත කර තැබීම.
(කරුණාකර කුවේට් රජය මගින් ගෙන ඇති ඉහත සඳහන් ක්‍රියාමාර්ග වලට අනුකූලව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.)
COVID-19 வைரஸ் பரவலை கட்டுப்படுத்தும் நோக்கில் குவைத் நாட்டின் அமைச்சரவை கீழ்வரும் தீர்மானங்களை நிறைவற்றியுள்ளது .
1. 2020/03/22 முதல் மறு அறிவித்தல் வரை தொடராக மாலை ௦5 மணி முதல் அதிகாலை 04.00 மணி வரை பகுதியளவு ஊரடங்கு சட்டம் அமுலிலிருக்கும்.
2. உத்தியோகபூர்வ அரச விடுமுறை இரண்டு வாரங்களால் நீடிக்கப்பட்டு 2020/04/12 வரை விடுமுறை தொடரும்.
3. வணிக வளாகங்கள் , அரங்குகள் போன்றன மூடப்பட்ட வேண்டும் .Online மூலம் வியாபாரம் மேற்கொள்ள தடைகள் கிடையாது .
4. மக்களின் உணவுத் தேவையைப் பூர்த்தி செய்யும் அனைத்து வியாபர நிலையங்களும் திறந்திருக்கும்.
மேற்குறித்த தீர்மானங்களை கவனத்திற் கொண்டு செயற்படுமாறு அனைவரையும் கேட்டுக் கொள்கிறோம்.
0 Comments