අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අඹතලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කිලෝ 42ක හෙරොයින්, ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා 

මෙම වැටලීම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකර තිබෙනවා. ටී 56 ගිනි අවි 3ක්, මි.මී 9 වර්ගයේ ගිනි අවි හා ටී 56 උණ්ඩ සහ මැගසින් ද අත්අඩංගුවට පත් භාණ්ඩ අතර වනවා . 

මෙම ගිනි අවි සහ මත්කුඩු අංගොඩ ලොක්කාට අයත් බව ද අනාවරණය වී තිබේ.