කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු යළි මෙරටට පැමිණ තිබෙනවා. 

කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජර්මනියේ සිට ගුවන් යානා 04 කින් එම පිරිස (26) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ පවසනවා 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 23 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සහ ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට ශ්‍රී ලාංකිකයන් 102 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට තවත් ශ්‍රී ලාංකිකයන් 279 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. 

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණයවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවද ගුවන් තොටුපළ සදහන් කරනවා.