නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70 දෙනෙකු රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇති බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. 

ඔවුන්ට ලබා දීම සඳහා අමාත්‍යාංශය සතුව ඇත්තේ නිල නිවාස 30 ක් පමණක් බවයි එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, 

ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව, දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාව පදනම් කරගනිමින්, ඒවා ලබා දීමට සැලසුම් කර ඇති බවත් එහි ලේකම් වරයා ප්‍රකාශ කර තිබෙනවා. 

කෙසේ වෙතත්, 70 දෙනෙකුට නිළ නිවාස ලබා දීමේදී පවතින තත්ත්වය යටතේ, අමාත්‍යාංශය දැඩි දුෂ්කරතාවයකට පත්වන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ