මෙරට වෙළඳපොළේ රන් මිල පහළ ගොස් ඇති බව වෙළඳපොල වාර්තා පවසනවා. ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 91,000ක් ලෙසයි. එසේම කැරට් 24 රන් පවුමක මිල සඳහන් වන්නේ රුපියල් 99,000ක් ලෙසයි. 

කොරෝනා වසංගත තත්වයත් සමග මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියා. ඒ අනුව අගෝස්තු මස 08 වනදා වනවිට මෙරට රන් මිල ඉහළම අගයක පැවති අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100, 500 ක් ලෙස සටහන් වුණා. 

අගෝස්තු මස 08 වනදා වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 109,500ක් ලෙසයි.