කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ වලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ. 

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි