නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා. 

ඊයේ (26) දිනයේ දී අදාළ යෝජනාව පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමික දසනායක මහතා වෙත භාරදුන් බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කර තිබෙනවා 

විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව ලෙස අවුරුදු 18 ප්‍රකාශයට පත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බවයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ 

කුමන ජාතියක වුවද එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, මෙම නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ද සඳහන් කර තිබෙනවා .