46 හැවිරිදි ශ්‍රී ලාංකික සේවිකාවකට වධ හිංසා දී මරාදැමීම සම්බන්ධයෙන් කුවේට් යුවළක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බව ‘ගල්ෆ් නිවුස්’ පුවත් සේවය වාර්තා කරනවා.

ඇයගේ කුවේට් අනුග්‍රාහකයා විසින් ඇගේ සිරුරේ පිලිස්සුම් තුවාල, කැපුම් තුවාල හා තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයව දැඩි සත්කාර ඒකකයට යොමුකර පැය කිහිපයකින් මිය ගිය බවත් මේ වන විට ඇගේ දේහය අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.